හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් ලබා දීමෙන් පසු අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබෙනවා.
මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක, ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ දී සිදුවුවා යැයි පැවසෙන දුෂණ චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවා තිබුණා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රේල් 17 වනදා අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබුණ ද, එදින ඔහුට පැමිණීමට නොහැකි බවට සිදුකළ දැනුම් දීමකින් අනතුරුව අද දිනයේ දී පැමිණෙන ලෙස දැනුම් දී ඇත.