2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 19:44
නවතම පුවත්

මෙසී ඉන්දියාවට – කොල්කටා නුවරදී උණුසුම් පිළිගැනීමක්

ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී සිය ඉන්දියානු සංචාරය ආරම්භ කරමින් අද (දෙසැම්බර් 13) අලුයම කොල්කටා වෙත පැමිණියේය.

මෙසීගේ පැමිණීම අපේක්ෂාවෙන් ඔහුව දැකබලාගැනීම සඳහා දහස් සංඛ්‍යාත පාපන්දු ලෝලීන් කොල්කටා ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ. එමෙන්ම ඔහු නවාතැන්ගෙන සිටින කොල්කටා නුවර හෝටලය ඉදිරිපිටටද ක්‍රීඩාලෝලීන් දහස් ගණනින් රැස්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ හේතුවෙන් කොල්කටා නුවර ආරක්ෂාව දැඩි ලෙස තරකර ඇත.

මෙසී මෙලෙස ඉන්දියාවට පැමිණියේ වසර 14කට පසුව වන අතර, ඔහුගේ ඉන්දීය සංචාරය නම් කර ඇත්තේ ‘GOAT India Tour 2025’ ලෙසින්ය. ඉන්දියාවට පැමිණි මෙසී පිළිගැනීමේ උත්සව කිහිපයක්ම සංවිධාන කර ඇති අතර, අඩි 70ක් උසැති ඔහුගේ අනුරුවක්ද නිරාවරණය කර තිබේ.

මෙසී සිය ඉන්දීය සංචාරයේදී කොල්කටා, හයිද්‍රාබාද්, මුම්බායි සහ නවදිල්ලි හිදි විශේෂ උත්සව කිහිපයකට සහභාගීවීමට නියමිතව ඇත. මේ අතර, කොල්කටා නුවර අද පැවැත්වෙන ඔහු පිළිගැනීමේ උත්සවයට බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් සහ ඉන්දීය ක්‍රිකට් හිටපු නායක සව්රව් ගංගුලිද සහභාගීවීමට නියමිතය.

මෙසීගේ ඉන්දීය සංචාරයේදී ඔහු සමග ඡායාරූපයක් ලබාගැනීම සඳහා ක්‍රීඩාලෝලීන් 100කට අවස්ථාව සලසා දී තිබේ. ඒ සඳහා එක් ක්‍රීඩාලෝලියෙකුගෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් අය කෙරෙන අතර, එහි වටිනාකම මෙරට මුදලින් ලක්ෂ 35කට ආසන්නය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories