2026 මැයි 09 සෙනසුරාදා, 16:00
නවතම පුවත්

හමුදා නිලධාරීන්ගේ විදේශ ගමන් බලපත්‍ර රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

හමුදා නිලධාරීන්ගේ විදේශ ගමන් බලපත්‍ර රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් යුද හමුදාව නිවේදනයක් නිකුත් කර ඇත.

හමුදා මූලස්ථානය විසින් නිකුත් කරන ලද පරිපාලන නියෝගයක් සම්බන්ධයෙන් සංසරණය වන විවිධ අර්ථකථන පැහැදිලි කරමින් අදාළ ප්‍රකාශය නිකුත් කර ඇත.

සම්පූර්ණ ප්‍රකාශය පහත පරිදි වේ.

උපුටාගැනීම –

මෙය හුදෙක්ම යුද්ධ හමුදාව තුළ අන්තර් පරිපාලන කටයුතු පහසු කිරීම සඳහා ගත් පරිපාලනමය ක්‍රියාමාර්ගයකි. ඒ අනුව යුද්ධ හමුදාවේ මේජර් සහ ඉන් පහළ අයවළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර ඔවුන් අයත් රෙජිමේන්තු යටතේ තබාගන්නා ලෙස උපදෙස් ලබාදී ඇත. බොහෝ විට යුද්ධ හමුදාව වෙතින් ඉහත සඳහන් නිලයන්ට අයත් අයවළුන් විදෙස් පුහුණුවීම් සහ සාමසාධක රාජකාරි සඳහා නිරන්තරයෙන් යොමුකරවන අතර, එම අවස්ථාවන් සඳහා වන පරිපාලන කටයුතු වෙනුවෙන් තත් අයවළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර ඉතා කඩිනමින් ලබාගැනීම අත්‍යවශ්‍ය වන අතරම, එවායේ වලංගුභාවය හා නිවැරදිභාවය තහවුරු කිරීම වැදගත් වේ.

නමුදු ඉහත බොහෝ අයවළුන් රාජකාරි කරනු ලබන්නේ ඉතා දුර බැහැර ප්‍රදේශ වල වන බැවින් හා ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර තම නිවෙස් වල තිබීම හේතුවෙන් ඉතා කඩිනමින් එම ගමන් බලපත්‍ර යුද්ධ හමුදා මුලස්ථානය වෙත ඉදිරිපත් කිරීමට ඔවුන් හට අපහසු වන අතර, ඒ හේතුවෙන් යුද්ධ හමුදා මුලස්ථානය හටද විවිධ පරිපාලනමය ගැටළුවලට මුහුණපෑමට සිදු වේ.

එබැවින් ඉහත කරුණු සැලකිල්ලට ගනිමින් තත් උපදෙස් නිකුත් කර ඇති අතර, එමගින් එම ගුවන් ගමන් බලපත්‍රවල ආරක්‍ෂාවද සුරක්‍ෂිත වන අතරම, පරිපාලන කටයුතු විධිමත්ව සිදුකිරිමට පහසුවේ.

කෙසේ නමුදු අවැසි ඕනෑම අවස්ථාවක තම විදේශ ගමන් බලපත්‍රය පුද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් ලබාගැනීමට එම සාමාජිකයින් හට අවස්ථාව ලබාදී ඇත.

  • උපුටාගැනීම අවසන් –

නවතම පුවත්

fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
කොළඹ වරායේ බහාලුම් 323ක අභිරහස සෙවීමට ජනපති ඇතුළු පිරිසක් විශේෂ කාරක සභාව හමුවට කැඳවයි
කොළඹ වරායේ සිට බහාලුම්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
භාණ්ඩාගාරයේ මිලියන 800ක මූල්‍ය අක්‍රමිකතාවක්: ස්වාධීන විගණනයක් ඉල්ලා ශිරාල් ලක්තිලකගෙන් නිවේදනයක්
මහා භාණ්ඩාගාරය විසින්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories