2026 ජූලි 29 බදාදා, 03:00
නවතම පුවත්

බන්ධනාගාරයෙන් දුන් දානය පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ප්‍රතික්ෂේප කරයි

ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, තමන් වහන්සේට බන්ධනාගාරය මගින් දිවා ආහාරය සඳහා ලබාදුන් දාන වේල ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බුදු පිළිමයක් සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක සිද්ධියකට අදාළව, උන්වහන්සේ ඇතුළු ස්වාමීන්වහන්සේලා සිව්නමක් සහ තවත් පුද්ගලයන් පස්දෙනෙකු ඊයේ (14) රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

මෙම සිද්ධියට මූලික වී ඇත්තේ පසුගිය වසරේ නොවැම්බර් මස 16 වනදා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ විහාරස්ථානයක තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට ගත් උත්සාහයකි. එම අවස්ථාවේදී ප්‍රදේශයේ දැඩි නොසන්සුන්තාවයක් හටගත් අතර, ඊට අදාළව නීතිමය පියවර ගැනීම සඳහා ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණි.

ඊයේ දින නඩුව කැඳවූ අවස්ථාවේදී කරුණු සලකා බැලූ අධිකරණය, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් එළඹෙන ජනවාරි මස 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ලබාදුන් පළමු දාන වේල මෙලෙස ප්‍රතික්ෂේප කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories