බම්බලපිටිය සමුද්‍ර මාර්ගයේ අද (දෙසැම්බර් 06) අලුයම 2:30ට පමණ සිදු වූ බරපතළ රිය අනතුරකින් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
බම්බලපිටිය පොලීසිය පැවසුවේ, වැල්ලවත්ත දෙස සිට කොල්ලුපිටිය දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ මෝටර් රථ 2ක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් පසුව ලොරි රථය දුම්රිය මාර්ගය දෙසට ධාවනය වී දුම්රිය පීලි මත නතර වී තිබූ බව ද පොලීසිය සඳහන් කළේය.