2026 ජූලි 27 සඳුදා, 16:02
නවතම පුවත්

අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක

අම්බලන්තොට, මාමඩල දකුණ, බෝකුටුයාය ප්‍රදේශයේදී අතිශය කෲර අන්දමින් පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ පුවතක් වාර්තා වේ. මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 34ක් වන තිදරු පියෙකු වන අතර, ප්‍රහාරයෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා මියගිය අයගේ බිරිඳගේ පියා බව අම්බලන්තොට පොලීසිය තහවුරු කර ඇත.

පොලිස් විමර්ශනවලට අනුව, පුද්ගලයින් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ නිවසට පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. එහිදී ඔවුන් අදාළ පුද්ගලයා ඝාතනය කර ඔහුගේ හිස කඳින් වෙන් කොට, පසුව එම හිස මාමඩල මංසන්දියේ පිහිටි පිළිරුවක ගසා පලාගොස් ඇති බව අනාවරණය වී ඇත.

මෙම ඝාතනයට හේතුවී ඇත්තේ මීට පෙර අම්බලන්තොට, ඇලේගොඩ ප්‍රදේශයේ සිදුවූ ත්‍රිත්ව ඝාතනයකට සම්බන්ධ පළිගැනීමක් බව පොලීසිය සැක කරයි. ඝාතනයට ලක්වූ පුද්ගලයා එම ත්‍රිත්ව ඝාතන සිද්ධියේ සැකකරුවෙකු වන අතර, ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිට පසුගිය මාර්තු 30 වනදා ඇප මත නිදහස්ව පැමිණි අයෙකි.

සිද්ධිය වූ ස්ථානයේ තිබී ඝාතකයින් විසින් රැගෙන ආ මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories