2026 ජූලි 29 බදාදා, 07:32
නවතම පුවත්

දිලිත් ට තවත් 16ක් එකතු වෙයි

විවිධ පක්ෂවල දූෂිත නායකයින් විසින් පළාත් පාලන නියෝජිතයින්ට බැර කර ඇති දූෂිත ලේබලය ඉවත් කිරීමට තම පක්ෂය පියවර ගන්නා බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

ඊයේ (09) එම පක්ෂ මූලස්ථානයේදී නව ආසන සංවිධායකවරුන් පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ මහර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ඇතුළු සාමාජිකයින් 16 දෙනෙකු අද සර්වජන බලය හා එක්විය.

එහිදී ඔවුන්ට ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායක ධුර පිරිනැමුණේ මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අතිනි.

එමෙන්ම අඟුණුකොළපැලැස්ස හා කටුවන ප්‍රාදේශීය සභාවල සභාපතිවරු ඇතුළු පිරිසක්ද සර්වජන බලය හා එක්වු අතර එහිදී හම්බන්තොට දිස්ත්‍රික් නායක ලෙස ආචාර්ය ප්‍රසාද් මංජුල මහතා පත් කෙරුණි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදිරිගිරිය හා මින්නේරිය ආසන සංවිධායකවරු දෙදෙනාද ඊයේ පස්වරුවේ සර්වජන බලය හා එක්වූ අතර ඔවුන්ට සර්වජන බලයේ එම ආසනවලම සංවිධායක ධූර පිරිනැමීය.

මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,

“අබීත විපක්ෂය නිර්මාණය කිරීම සඳහා අපි යන ගමන වඩ වඩාත් ජන ප්‍රසාදයට ලක්වී ඇති බව තහවුරු වෙමින් පවතිනවා. අපි උත්සාහ කරන්නේ ලංකා දේශපාලනයේ සාධනීය වෙනසක් කරන්න. ඒ ඒ පක්ෂවල නායකයින් ප්‍රාදේශීය දේශපාලනඥයින් වෙත මුදාහැරිය දූෂණය නිසා ඔවුන්ගේ නම් පවා නරක් වුණා. අපිට අවශ්‍යයි එය නිවැරදි කරන්න. ඔවුන්ට නිවැරදි… පිරිසිදු දේශපාලන වේදිකාවක් නිර්මාණය කර දෙන්න ඕනේ. අපේ මේ වේදිකාවට ගොඩවුණු කිසිම කෙනෙක් දූෂිත දේශපාලනයේ කොටස්කරුවන් නොවේ.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories