2026 ජූලි 29 බදාදා, 07:52
නවතම පුවත්

වාහන ආනයන සීමා කිරීමේ තීරණයක් නැහැ – මහ බැංකු අධිපති කියයි

වාහන ආනයනය සීමා කිරීමට රජය හෝ මහ බැංකුව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (23) ප්‍රකාශ කළේය.

අද මහ බැංකුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී, “පසුගිය දිනවල වාහන ආනයනය සීමා කිරීමට රජය සහ මහ බැංකුව අවධානය යොමු කර ඇති බවට වාර්තා පළ වුණා. මෙහි කිසියම් සත්‍යතාවක් තිබෙනවාද?” යනුවෙන් අද දෙරණ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ආචාර්ය වීරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ, “මහ බැංකුවෙන් කිසිම අවධානයක් යොමු වෙලා නැහැ ඒවා සීමා කරන්න. විවෘත කරපු වෙළෙඳපොළ දිගටම විවෘතව පවතීවි. රජයෙත් එහෙම අදහසක් නැහැ. මම දන්න විදිහට එහෙම මම හිතන්නේ නැහැ. ඇමතිතුමාත් ප්‍රකාශයක් කරා එහෙම වෙනසක් කරන්නේ නැහැ කියලා. මේක නැවත සීමා කරනවා කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. නමුත් මේක ඇවිල්ලා මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය සහ ණය ගන්න පුද්ගලයාගේ ණය ගෙවීමේ හැකියාව අනුව පවතින අවදානම මත යම්කිසි ආකාරයක ගැලපීමක් තමයි මේ අවස්ථාවේ කරලා තියෙන්නේ.” යනුවෙනි.

මේ අනුව, වාහන ආනයන ප්‍රතිපත්තියේ සැලකිය යුතු වෙනසක් බලාපොරොත්තු විය නොහැකි බව මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories