2026 ජූලි 31 සිකුරාදා, 15:33
නවතම පුවත්

චාල්ස් රජුට ඔස්ට්‍රේලියාවෙන් විරෝධය

චාල්ස් රජු සහ කැමිලා රැජින නුදුරේදීම ඔස්ට්‍රේලියානු සංචාරයක නිරත වීමට නියමිතයි.

ඊට සමගාමීව බ්‍රිතාන්‍යයේ රජු හෝ රැජින ඔස්ට්‍රේලියාවේද රජු හෝ රැජින ලෙස පිළිගැනීමේ සම්ප්‍රදායට එරෙහි පිරිසක් සිය විරෝධය පළකරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව රජු, කැමිලා රැජින සහ විලියම් කුමරුගේ රුව සහිත ටී-ෂර්ට් ඇතුළු නොයෙකුත් දෑ වෙළඳපොළට නිකුත් කරැති බවත් සඳහන්.

එමෙන්ම රජුගේ සංචාරයට කැන්බරා හි පිළිගැනීමේ උත්සවයක් ද ඇතුළත් වන අතර නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, ක්වීන්ස්ලන්තය, බටහිර ඕස්ට්‍රේලියාව, දකුණු ඕස්ට්‍රේලියාව සහ ටස්මේනියාව යන ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් හය දෙනා පවසා ඇත්තේ ඔවුන් හට ඊට සහභාගී විය නොහැකි බවයි.

නමුත් ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත සියල්ලම නියෝජනය කරමින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිත බව සඳහන්.

රටේ අගමැති ඇන්තනි ඇල්බනීස් විසින් ද රජුව නිල වශයෙන් පිළිගනු ඇත.

විදෙස් වාර්තාවන්ට අනුව මෙම සංචාරය ඔස්ට්‍රේලියාව ජනරජයක් බවට පත් විය යුතුද යන්න පිළිබඳ ප්‍රශ්න යළි විවෘත කර ඇති සංචාරයකි.

රාජාණ්ඩු ගැති උද්ඝෝෂකයෙකු සහ ලිබරල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන Bev McArthur ABC පුවත් සේවයට පවසා තිබුණේ රජුගේ පිළිගැනීමේ උත්සවයට ආණ්ඩුකාරවරුන් නොපැමිණීම “අපහාසයක්” වන බවයි.

මීට ඉහත ඔස්ට්‍රේලියානු ජනරජ ව්‍යාපාරය සමඟ ලිපි හුවමාරු කරගනිමින් රජු තහවුරු කර ඇත්තේ ඔස්ට්‍රේලියාව ජනරජයක් බවට පත්වන්නේද යන්න “ඔස්ට්‍රේලියානු මහජනතාව තීරණය කළ යුතු කාරණයක්” බවයි.

මෙම වසර මුලදී පිළිකා රෝග විනිශ්චය කිරීමෙන් පසු රජුගේ විශාලතම සංචාරය මෙම සංචාරය වනු ඇති.

ඔස්ට්‍රේලියානු සංචාරයෙන් පසුව, රජු සහ රැජින පොදුරාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානීන්ගේ රැස්වීම සඳහා සැමෝවා වෙත ගමන් කිරීමට නියමිතයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories