2026 ජූලි 29 බදාදා, 15:53
නවතම පුවත්

විදුලිබල මණ්ඩල සේවකයන් ස්ථීර කරන්න 5000 ගානෙ අරන් ගෙදර යවන්නත් සල්ලි ඉල්ලයි

” අද ලෝකයේ අවම තෙල් මිල තියෙන්නේ . මේ තරම් අර්බුද හමුවේත් බොරතෙල් බැරලය ඩොලර් 60 ට වැටිලා . නමුත් ලංකාව ඩොලර් 87 ගාණට තමයි අපිට බොරතෙල් දෙන්නේ . ඉතාම බරපතල සූරාකෑමක් මෙතන සිදුවන්නෙ . කවුරු සූරන් කනවද කියලා පැහැදිලි නෑ නමුත් විශාල සූරාකෑමක් මේක .

ඩීසල් පෙට්‍රල් හරහා ලීටරයකට රුපියල් 120 ක් විතර රජය බදු විදියට සූරාකනවා . කිසිම ණයක් නැතුව තමයි ඔය සූරාකෑම කරන්නේ . ණය තියනවා කියන්නෙ පට්ටපල් බොරුවක් . 2015 අපි කණිජ තෙල් සංස්ථාව පිරිසිදු කරා.

රුපියල් 154 ට මහින්ද රාජපක්ෂ විකුණපු පෙට්‍රල් 117 ට අපි දුන්නා . තෙල් මිල අඩු කරලා ණය ගෙවලා සියල්ල සුද්ධ පවිත්‍ර කරා . 2022 ආව අර්බුදය පිට දාලා විශාල ගණන් වලින් තෙල් මිල ඉහල දාලා තෙල් සංස්ථාව අධික ලාභ ලබන තැනක් බවට පත් කරා . තෙල් සංස්ථාව කිසිම අවස්ථාවක ලංකා ඉතිහාසය පාඩු ලබලා නෑ . පාඩු ලබලා තියෙන්නේ බදු ගෙවලා . මේ ආණ්ඩුව කරන්නේත් රනිල් වික්‍රමසිංහ කරපු දේම තමයි .

විදුලි බල මණ්ඩලය ගාස්තු වැඩි කිරීමක් මීට මාසෙකට කලින් අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් කරා .මණ්ඩලය නැවත අලුතින් ගාස්තු වැඩි කිරීමක් ඉල්ලලා තියෙනවා . විදුලිබල මණ්ඩලයේ පෙරදී ගාස්තු වැඩි කළේ මාස හයෙන් හයට . දැන් මාසෙන් මාසෙට කරන්න පුළුවන් විදිහට පනත වෙනස් කරා . මහජන උපයෝගීතා කොමිසමට තිබිච්ච ශක්තිය දියකලා.

විදුලිබල මණ්ඩලයේ සේවකයෝ ගැන කතා කළොත් , වුවනාවට වඩා සේවකයො ගත්තා . මං දැක්කා එක විදුලි බල මණ්ඩල සේවකයෙක් අහනවා රන්ජන් ජයලාල් මහත්මයාගෙන් ” අපිව ස්ථිර කරන්න රුපියල් 5000 ගානේ ගත්තා නේද ඒ සල්ලිවලින් ඔබ කාර් එකකුත් මිල දී ගත්තා නේද දැන් කෝ ඒ සල්ලි ? ” කියලා . දැන් අපෙන් ආයේ සල්ලි ඉල්ලනවා ඒ තුන්දාහෙන් කොටසක් ගෙදර යවන්න . “

Island voice lk Hard Voice වැඩසටහනට සම්බන්ධ වූ හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පසුගිය දා සිදු වූ තෙල් මිල සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය .

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories