2026 ජූලි 29 බදාදා, 07:29
නවතම පුවත්

පොළොන්නරුව බස් නැවතුම්පොළ යුධ පිටියක් වෙයි: පස් දෙනෙකුට තුවාල; අද බස් වර්ජනයක්!

පොළොන්නරුව බස් නැවතුම්පොළ ඊයේ (ජුනි 25) සවස ලංකා ගමනාගමන මණ්ඩලයට (CTB) අයත් සේවකයන් සහ පෞද්ගලික බස් රථ සේවකයන් අතර ඇති වූ දරුණු ගැටුමකින් උණුසුම් විය. මෙම ගැටුමෙන් ඩිපෝ කළමනාකරුවෙකු ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඊට විරෝධය පළ කරමින් අද (ජුනි 26) දිනයේ බස් රථ වර්ජනයක් ආරම්භ කිරීමට බස් රථ සංගම් තීරණය කර තිබේ.

වාර්තා වන පරිදි, ගැටුමට හේතුව වී ඇත්තේ මාතර සිට පොළොන්නරුව ඩිපෝව වෙත පැමිණි ලංගම බස් රථයක් අතරමඟදී පෞද්ගලික පන්ති සඳහා යන සිසුන් සහ සීසන් ප්‍රවේශපත් සහිත මගීන් නංවා ගැනීමයි. පෞද්ගලික බස් රථ සේවකයන් පවසන්නේ, මෙම ක්‍රියාව හේතුවෙන් ඔවුන්ට මගීන් අහිමි වූ බවත්, එය දැඩි අසාධාරණයක් බවත්ය.

ගැටුම ආරම්භ වී ඇත්තේ, මාතර සිට පැමිණි ලංගම බස් රථයේ සිටි ඩිපෝ කළමනාකරුවා ද සමඟ, එම බස් රථය පොළොන්නරුව ඩිපෝව ඉදිරිපිටදී පෞද්ගලික බස් රථ රියදුරෙකු විසින් හරස් කිරීමත් සමඟය. පෞද්ගලික බස් රථ රියදුරා ඩිපෝ කළමනාකරුවාට පහර දීමත් සමඟ තත්ත්වය උණුසුම් වී ඇති අතර, ඩිපෝවේ සිටි නිලධාරීන් පිරිසක්ද පෞද්ගලික බස් රථ රියදුරාට සහ කොන්දොස්තරට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් ගැටුම තවත් දුරදිග ගොස් තිබේ.

මෙම සිදුවීමෙන් තුවාල ලැබූවන් රෝහල් ගත කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය පිළිබඳව මේ වන විට වැඩිදුර තොරතුරු වාර්තා වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ අරඹා ඇති අතර, බස් වර්ජනය හේතුවෙන් පොළොන්නරුව ප්‍රදේශයේ මගී ප්‍රවාහනයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. ඉදිරියේදී මේ පිළිබඳව තවත් තොරතුරු වාර්තා වනු ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories