2026 ජූලි 31 සිකුරාදා, 03:04
නවතම පුවත්

විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී පවතින ප්‍රායෝගික ගැටලු නිරාකරණය කර ගැනීමට නම් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සමඟ නම්‍යශීලී සාකච්ඡාවක නිරත විය යුතු බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා පවසයි. එවැනි සාකච්ඡාවකින් තොරව ලබන ජනවාරි 5 වැනිදා සිට පාසල් වේලාව පස්වරු 2.00 දක්වා දීර්ඝ කිරීමට රජය පියවර ගතහොත්, එදින සිටම දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවට ඒ මහතා අනතුරු ඇඟවීමක් කළේය.

නව ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණියේ විෂය නිර්දේශයන් වෙනස් කිරීම හේතුවෙන් සෙසු පන්ති පහක සහ උසස් පෙළ පන්තිවල ඉගැන්වීම් කටයුතුවලට බරපතළ බලපෑමක් එල්ල වී ඇති බව ලේකම්වරයා පෙන්වා දෙයි. ලෝක බැංකුව හෝ ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කිරීමෙන් පමණක් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලුවලට විසඳුම් සෙවිය නොහැකි බවත්, ඒ සඳහා දේශීය අධ්‍යාපන විශේෂඥයන් සහ වෘත්තීය සමිතිවල අදහස් ලබාගත යුතු බවත් ඔහු අවධාරණය කළේය.

පාසල් කාලච්ඡේදයක කාලය මිනිත්තු 40 සිට 50 දක්වා දීර්ඝ කිරීම සහ පාසල් වේලාව පස්වරු 2.00 දක්වා පවත්වාගෙන යාම අසාර්ථක තීරණයක් බව පවසන මුදුන්කොටුව මහතා, එම තීරණය වහාම හකුලා ගත යුතු බව ප්‍රකාශ කළේය. මිනිත්තු 40කට සකස් කරන ලද විෂය නිර්දේශයක් මිනිත්තු 50ක් තුළ උගන්වන ආකාරය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය මෙතෙක් නිසි මඟපෙන්වීමක් සිදු කර නොමැති වීම ගුරුවරුන්ට විශාල ගැටලුවක් වී ඇති බව ද ඔහු සඳහන් කළේය.

ප්‍රතිසංස්කරණවලට අදාළ මොඩියුල කිසිවක් මේ වන තෙක් පාසල් වෙත ලැබී නොමැති පසුබිමක ජනවාරි 5 වැනිදා පාසල් ආරම්භ කළ ද ඉගැන්වීම් කටයුතු සිදු කරන්නේ කෙසේ දැයි විදුහල්පතිවරුන් ප්‍රශ්න කර සිටී. එමෙන්ම පාසල් කාලසටහන් සකස් කිරීමට අදාළ උපදෙස් කලාප සහ කොට්ඨාස කාර්යාල වෙත මෙතෙක් නිකුත් කර නොමැති වීම සහ අදාළ චක්‍රලේඛ කිහිප වතාවක් වෙනස් කිරීම නිසා සමස්ත පද්ධතියම දැඩි ව්‍යාකූලත්වයකට පත්ව ඇති බව නිමල් මුදුන්කොටුව මහතා වැඩිදුරටත් කියා සිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories