පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුළු දිවයිනටම බලපාන පරිදි අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කර තිබේ.
අතිශය තද වැසි (මි.මී. 200 ඉක්මවූ):
උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් මිලිමීටර් 200 ඉක්මවූ තද වැසි තවදුරටත් බලාපොරොත්තු විය හැක.
ඉතා තද වැසි (මි.මී. 150 ඉක්මවූ):
උතුරු, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල, මාතර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති වීමට ද ඉඩ ඇත.