දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් කොච්චිකඩේ ප්‍රදේශයේ ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම සඳහා ඉන්දීය ජාතික ආපදා ප්‍රතිචාර දැක්වීමේ බලකායේ (NDRF) මුදා ගැනීමේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව යොදවා තිබෙනවා.
ඊයේ දිනයේ කොච්චිකඩේ ප්‍රදේශයේ මුදා ගැනීමේ මෙහෙයුම ඔවුන් විසින් සිදු කරනු ලැබූ අතර මේ වන විටත් හලාවත තුම්මෝදර ප්‍රදේශයේ එම කන්ඩායම විසින් මෙහෙයුම් සිදු කරමින් පවතින බවයි ගුවන් හමුදාව සඳහන් කළේ.