2026 ජූලි 31 සිකුරාදා, 05:10
නවතම පුවත්

චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.

සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව පිළිබඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙන් සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර ඇත.

“චිචිගේ රොකට්ටුව” ලෙස සමාජගතව තිබූ සුප්‍රීම්සැට් චන්ද්‍රිකාව පිළිබඳ මේ දිනවල යළි කතා බහට ලක්ව ඇත.
ඒ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ,සුප්‍රීම්සැට් ව්‍යාතියෙන් ලැබෙන් ආදායම හෙළි කිරීමෙන් පසුවයි.

එය එසේ තිබියදී අමාත්‍ය වසන්ත සමරසිංහ එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින්, ආයෝජන මණ්ඩලය (BOI) සාවද්‍ය දත්ත සපයා ඇති බවට චෝදනා කරමින්, චන්ද්‍රිකාව “තවමත් අතුරුදහන්” බව ප්‍රකාශ කරන ලදි.

පසුව සුප්‍රීම්සැට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් තම චන්ද්‍රිකාව 87.5° නැගෙනහිර කක්ෂයේ පවතින බව තහවුරු කළ අතර එම ව්‍යාපෘතිය සඳහා රජයේ අරමුදල් භාවිතා නොකළ බවද නිවේදනය කර ඇත.

ඒ අතර වසන්ත සමරසිංහගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අමාත්‍ය නලීන්ද ජයතිස්ස ප්‍රකාශකර ඇත්තේ “චන්ද්‍රිකාවක් මෙතරම් ඉහළ ආදායමක් උපයා ගත්තා නම්, රාජපක්ෂවරු පසුගිය වසර 13 පුරා නිහඬව සිටිනු ඇතැයි ඔබ සිතනවාද? ඔවුන් තමන්ටම ප්‍රතිලාභ ලබා නොගෙන රටට ප්‍රතිලාභ ලබා දෙන දෙයක් කරයි කියා ඔබ සිතනවාද?”
දැනට සිදුකෙරෙන පරීක්ෂණ මගින් සත්‍යය හෙළි වනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසූ අතර, මෙම ව්‍යාපෘතිය වෙනම පරීක්ෂා නොකළ යුතු බවත්, රාජපක්ෂවරුන්ට සම්බන්ධ අනෙකුත් ක්‍රියාකාරකම් සමඟ සලකා බැලිය යුතු බවත් ඔහු අනතුරු ඇඟවීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories