2026 මැයි 15 සිකුරාදා, 15:21
නවතම පුවත්

බැංකු කාඩ් මගින් බස් ගාස්තු ගෙවීම නොවැම්බර් 30 සිට

2025 නොවැම්බර් 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, ටිකට්පත් නිකුත් කිරීමේ යන්ත්‍ර (Ticket Issuing Machines) සහිත බස් රථවල ගමන් ගන්නා මගීන්ට බැංකු කාඩ්පත් භාවිතයෙන් බස් ගාස්තු ගෙවීමේ පහසුකම ලබා දීමට රජය තීරණය කර තිබේ.

මේ බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

“බස් ටිකට් එකෙන් මාටියා ගහනවා කියන එක හරි ප්‍රසිද්ධ කාරණයක්. ලංකාවේ බස් කර්මාන්තය කරන්න බැරි එක් ප්‍රධාන හේතුවක් ඒක. කිසිම ආදායමක් ගන්න බැහැ ව්‍යාපාරිකයාට,” යනුවෙන් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

ඒ අනුව, පුද්ගලික බස් හිමියන්ගේ සංගම්වලින් ලැබුණු ඉල්ලීමක් මත මෙම කාඩ්පත් මගින් ගෙවීමේ ක්‍රමය (Card Payment System) හඳුන්වා දීමට පියවර ගෙන ඇත. මීට පෙර වෙනම ප්‍රවාහන කාඩ්පත් හඳුන්වා දීමට තිබූ සැලසුම වෙනුවට, දැනට තිබෙන ඕනෑම බැංකු කාඩ්පතක් භාවිත කිරීමේ පහසුව මගීන්ට ලබා දීමට රජය තීරණය කර තිබේ.

අමාත්‍ය බිමල් රත්නායක මහතා තවදුරටත් සඳහන් කළේ ඩිජිටල් අමාත්‍යාංශය සහතිකයක් ලබා දී ඇති බැවින්, දැනට ටිකට් මැෂින් ඇති ඕනෑම බස් රථයක ගමන් ගන්නා ඕනෑම මගියෙකුට, තමන් සතු ඕනෑම බැංකුවක කාඩ්පතක් භාවිත කර ටිකට්පත සඳහා මුදල් ගෙවීමේ පහසුකම නොවැම්බර් 30 වන විට ලබා දීමට අපේක්ෂා කරන බවයි.

නව බැංකු කාඩ්පත් ගෙවීමේ ක්‍රමය හඳුන්වා දීම තුළින් බස් කර්මාන්තයේ ආදායම් කාන්දුවීම් වැළැක්වීමටත්, මගීන්ට නවීන සහ පහසු ගෙවීමේ ක්‍රමයක් ලබා දීමටත් රජය බලාපොරොත්තු වේ.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories