2026 ජූලි 29 බදාදා, 10:11
නවතම පුවත්

කිරිඇල්ලට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමියෝ සජිත්ගෙන් ඉල්ලති!

විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයකු ලෙස පත්කරන්නැයි තිබ්බොටුවාවේ සුමංගල මල්වතු මහා නා හිමියෝ එම පක්ෂයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලීමක් කර ඇතැයි ජනමාධ්‍ය වාර්තා කර ඇත.

එම ලිපිය මල්වතු කාරක සංඝ සභික ගල්පිහිල්ලේ නායක ස්වාමීන් වහන්සේ අතින් බාරදී ඇතැයිද එම වාර්තා සඳහන් කරයි.

කන්ද උඩරට ජනතාව කාලයක සිට නියෝජනය කළ සිංහල මන්ත්‍රීවරයා වන හෙයින් ඔහුගේ පළපුරුද්ද, නීතිමය හැකියාව සහ ඔහු රට වෙනුවෙන් කළ සේවාව යනාදී කරුණු සැළකිල්ලට ගෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දෙන්නැයි මල්වතු මහනාහිමියන් එම ලිපියෙන් ඉල්ලා ඇතැයි පැවැසේ.

ලක්ෂ්මන් කිරිඇල්ල පසුගිය මහමැතිවරණයට තරග කළේ නැත.

එසේම සමගි ජන බලවේගය මහමැතිවරණයට ඉදිරිපත් කළ ජාතික ලැයිස්තුවේද ලක්ෂ්මන් කිරිඇල්ලගේ නම ඇතුළත්ව නැත.

විශේෂ ප්‍රකාශයක් කරමින් පසුගියදා මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කරන ලද්දේ, මහමැතිවරණයට තරග නොකළ හෝ අදාළ දේශපාලන පක්ෂයේ ජාතික ලැයිස්තුවේ නම සඳහන් කර නොමැති අපේක්ෂකයකුට ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබාගත නොහැකි බවයි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories