2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 17:17
නවතම පුවත්

වාහන බදු අඩුකරලා නෑ – රජය කියයි

වාහන ආනයනයේදී බදු අඩු කිරීමට හෝ මිල අඩු කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, පෙබරවාරි මාසයේ වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු බලාපොරොත්තු වූවාට වඩා ඉල්ලුම අඩු වුවහොත්, ශ්‍රී ලංකාව වාහන සඳහා බදු කපාහැරීමට ඉඩ ඇති බවට ජනමාධ්‍ය වාර්තා කර ඇති අතර, පශ්චාත් කැබිනට් මාධ්‍ය හමුවකදී තමා කළ ප්‍රකාශය එමගින් වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවයි.

ඒ අනුව, එම ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු කියාසිටියේ තමන් එම අවස්ථාවේදී ප්‍රකාශ කළේ, වාහන ඉල්ලුම සහ මිලදී ගැනීම හේතුවෙන් දේශීය වෙළෙඳපොළේ මිල ගණන්වල වෙනසක් සිදුවිය හැකි බව පමණක් බවයි.

වාහන ආනයන සීමා ලිහිල් කර ඇත්තේ සාමාන්‍ය වෙළඳපල තත්ත්වයන් යටතේ නොව සීමාවන් යටතේ බවත්, විශේෂයෙන්ම විදේශ විනිමය යටතේ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

“ආනයනකරුවන්ට ආනයනය කිරීමට නිදහස ලබා දී ඇතත්, අනෙක් අතට, මේ සඳහා යොදවන විදේශ විනිමය මහ බැංකුව විසින් නිරීක්ෂණය කරනවා” ඔහු පැවසීය.

වාහන ආනයනය සඳහා ඉල්ලා ඇති ණයවර ලිපි (LC) සහ වෙළඳපල ක්‍රියාකාරිත්වය මත පදනම්ව විදේශ විනිමය මුදා හැරීම හෝ ක්‍රියාවලියේ යම් වෙනස්කමක් සිදුවන්නේ නම් එය මහ බැංකුව විසින් තීරණය කරනු ඇති බව ද නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසීය.

“දේශීය වෙළඳපොලේ වාහන මිල වැඩි වී හෝ පහත වැටී තිබේද යන්න පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු අප සතුව නැහැ” ඔහු වැඩිදුරටත් පැවසීය.

වාහන ආනයනය සම්බන්ධයෙන් වන ඕනෑම තීරණයක් රජය හෝ අදාළ රාජ්‍ය ආයතන විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව ඔහු ද ඔහු පැහැදිළි කළේය.

වාහන ආනයනයේදී බදු අඩුකළ බවට පළවන පුවත වැරදි බවත්, ඒ සම්බන්ධයෙන් නොමග නොයන ලෙසත් නියෝජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories