2026 ජූලි 31 සිකුරාදා, 15:36
නවතම පුවත්

පොලිස් නිලධාරීන්ගෙන් 40%කට බෝ නොවන රෝග

                                                                                                                                                                                                                                                                                                     ශ්‍රී ලංකා පොලිස් සේවයේ නිලධාරීන්ගෙන් 40%ක් පමණ බෝ නොවන රෝගවලින් පීඩා විඳින බවට වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අනාවරණය කළේය. පොලිස් නිලධාරීන්ගේ දරුවන් වෙත පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනකට රත්නපුරදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, තවත් 30%ක පමණ පිරිසක් තවමත් වෛද්‍ය පරීක්ෂණවලට භාජනය වී නොමැති බවත්, ඉතිරි 30% පමණක් යම් ශාරීරික සෞඛ්‍ය තත්ත්වයක සිටින බවත්ය. ගෙදර දොර ප්‍රශ්න සහ රාජකාරී ගැටලු හේතුවෙන් මෙම බෝ නොවන රෝග තත්ත්වයන්ට පොලිස් නිලධාරීන් ගොදුරු වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම තත්ත්වය හමුවේ, පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය වඩාත් විධිමත් කර, කාර්ය සාධනය ඉහළ නංවා, ඔවුන්ගේ සේවය උසස් රාජකාරියක් ලෙස පෙන්වා අමතර වරප්‍රසාද ලබා දීමට කටයුතු කරමින් සිටින බව වීරසූරිය මහතා පැවසීය.

“පොලිස් නිලධාරීන් ලබන්නේ ඉතාමත් අඩු වැටුපක්. ඒ වැටුප සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පවා අවධානයට යොමුකරලා තියෙනවා. ඒ අවධානයට යොමුකරපු එක නිසා ලබන වසරේදී නව වැටුප් ව්‍යුහයක් සකස් කරන්න අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා” යනුවෙන් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේය.

මෙම ප්‍රකාශයත් සමඟ, ලබන වසරේදී පොලිස් නිලධාරීන්ගේ වැටුප්වල සැලකිය යුතු වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවට ඉඟියක් ලබා දී ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories