හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිපාණන් අද (09) දින තංගල්ලේ පිහිටි කාල්ටන් නිවස වෙත වැඩම කර තිබේ.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා සහ ඥානසාර හිමි අතර සුහද පිළිසඳරක් ඇති වූ බව වාර්තා වේ.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඥානසාර හිමිපාණන් සඳහන් කර සිටියේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සිත පෑරීමට කටයුතු කරන්නේ බෙදුම්වාදී බලවේගවල වුවමනා වෙනුවෙන් බවයි.