2026 ජූලි 31 සිකුරාදා, 01:54
නවතම පුවත්

හර්ෂිතාට කොදෙව් දේශයෙන් කැඳවීමක්

බ.ඉ. කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) කාන්තා ක්‍රිකට් තරගාවලියේ Trinbago Knight Riders කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකාරිණියක වන හර්ෂිතා සමරවික්‍රම කැඳවා තිබේ.

මෙවර කාන්තා CPL තරගාවලිය ඊයේ (21) ආරම්භ වූ අතර, එහි Trinbago වෙනුවෙන් තෝරාගෙන සිටි ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා  Meg Lanning ආබාධයකට ලක්වීම හේතුවෙන් හර්ෂිතාට මෙම අවස්ථාව හිමි වූවාය.

ඒ අනුව චමරි අතපත්තුගෙන් පසු විදෙස් ක්‍රිකට් ලීගයක් ක්‍රීඩා කරන පළමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාව ඇය වනු ඇත.

වත්මන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩිකාවක බවට පත්වී සිටින හර්ෂිතා, නිමාවූ අයර්ලන්තයට එරෙහි එක්දින මෙන්ම විස්සයි 20 තරගාවලියේදී ද විශිෂ්ට දස්කම් දැක්වීය.

ඉන් ඇය එක්දින තරගාවලියේ දෙවැනි තරගයේදී ලකුණු 105ක් රැස්කළ අතර, එය චමරි අතපත්තුගෙන් පසු මෙරට පිතිකාරිණියක එක්දින තරගයකදී රැස්කළ තෙවැනි ශතකය ලෙසින් වාර්තා අතරටද එක්විය.

එමෙන්ම ඇය එක්දින තරගාවලියේ පළමු තරග දෙකෙහිම අර්ධ ශතක රැස්කළාය.

ඇය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ආසියානු ශූරියන් ලෙසින් කිරුළු පැළදීමටද විශිෂ්ට දායකත්වයක් දැක්වූ අතර, එහි අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ජය වෙනුවෙන් වටිනා ලකුණු 69ක් රැස් කළාය.

එම ඉනිම හර්ෂිතා ජාත්‍යන්තරයේ වැඩි කථාබහකටද ලක්වීමට විශේෂ හේතුවක් විය.

හර්ෂිතාට අමතරව ඔස්ට්‍රේලියාවේ ජෙස් ජොනසෙන්, ඉන්දීය ක්‍රීඩිකාවන් දෙපළක් වන Shikha Pandey හා Jemimah Rodrigues යන ක්‍රීඩිකාවන්ද ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ විදෙස් ක්‍රීඩිකාවන් ලෙසින් එක්වී සිටියි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories