2026 ජූලි 31 සිකුරාදා, 20:51
නවතම පුවත්

ජනාධිපතිවරණයේ ප්‍රබලයා කවුද ?

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ප්‍රබලම අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.වී. චානක මහතා පවසා තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ, සිය පක්ෂය අතහැර ගිය සෙසු සාමාජිකයින් ඉදිරියේ දී යළි පක්ෂය සමග එක්වනු ඇති බවයි.

තරුණ පාර්ලිමේන්තුවේ නියෝජිතයින් පිරිසක් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ඩි.වී.චානක මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.

“අදටත් අපි විශ්වාස කරනවා පොදුජන පෙරමුණේ ඡන්ද ටික ඔක්කෝම තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා වටේ. මේ වෙනකොටත් අපේ ආසන සංවිධායකවරුන්ගෙන් 90%ක ප්‍රමාණයක් අපිත් එක්ක ඉන්නවා. 10%ක ප්‍රමාණයක් තමයි ජනාධිපතිවරයා එක්ක එකතුවුණේ. ඒ අයත් දැන් පෝළිමක් ඇවිත් තියෙනවා අපෙන් ආසන සංවිධායකකම ලබාගන්න. අපේ යාළුවන්ට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න. දකුණේ ඉන්න ප්‍රබලම අපේක්ෂකයා ඉන්නේ අපි ගාව”

කෙසේවෙතත් සිය සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමේ කිසිදු වෙනසක් නොවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

“නාමල් රාජපක්ෂට අපි සුබ පතනවා. සහාය තියෙන්නේ ප්‍රතිපත්තිමය කරුණු අනුව රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න. පොදුජන පෙරමුණේ වැඩි මන්ත්‍රීවරු පිරිසක් වන අප විසින් පත්කළ ජනාධිපතිවරයා මේ රටේ ආර්ථිකය නිවැරදි මඟකට ගෙන ඒමට ක්‍රියා කෙරුවා. “

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින්ම නිර්මාණය කළ අර්බුදයේ ප්‍රතිඵල අද එම පක්ෂය විසින්ම භුක්ති විඳිමින් සිටින බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසන්නේ.

කෙසේ වෙතත් එළැඹෙන ජනාධිපතිවරණයේ දී සැබෑ ලෙසම ජනතාව නියෝජනය කරනු ලබන්නේ සිය පක්ෂයේ අපේක්ෂකයා බව ජාතික ජනබලවේගයේ නලින් ද ජයතිස්ස මහතා කියා සිටියා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories