2026 ජූලි 29 බදාදා, 03:44
නවතම පුවත්

ජනපති අද ඉන්දීය නිල සංචාරය අරඹයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය නිල සංචාරය අද (15) ආරම්භ වෙයි.

ඒ අනුව, ජනාධිපතිවරයා අද ඉන්දියාව බලා පිටත්ව යන අතර එළඹෙන 17 වනදා දක්වා ඔහු ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහාතාගේ පළමු විදෙස් සංචාරය ද මෙයයි.

ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මියගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වෙයි.

ඒ අනුව මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ද්විපාර්ශවීක සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එමෙන්ම ජනාධිපතිවරයා ඉන්දීය රජයේ තවත් ප්‍රබල අමාත්‍යවරු කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.

ජනාධිපතිවරයා සිය සංචාරය අතරතුර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන හා වාණිජ සබඳතා ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරික වැඩසටහනකට ද නව දිල්ලි නුවරදී එක්වීමට නියමිත අතර බුද්ධ ගයාවේද සංචාරය කිරීමට නියමිතය.

ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ අගමැති මෝදිගේ දැක්මට අනුව ඉන්දීය සාගර කලාපයේ සමීපතම අසල්වැසියා ලෙස ශ්‍රී ලංකාව ප්‍රමුඛත්වයක් හිමිවන බවයි.

එසේම ජනාධිපතිවරයා සමඟ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද සංචාරයට එක්වෙයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories