රට තුළ සැඟවී සිටින ප්‍රධාන ISIS-K ත්‍රස්තවාදීන් භාරදෙන ලෙස හෝ ඔවුන් නෙරපා හරින ලෙස ඇෆ්ගනිස්තානය පාකිස්තානයෙන් ඉල්ලීමක් කර තිබේ.
පාකිස්තානය ඒ සඳහා ක්‍රියා කිරීමට අපොහොසත් වුවහොත් දරුණු හා අනවශ්‍ය ප්‍රතිවිපාක ඇතිවිය හැකි බවට අනතුරු අඟවමින්, තලේබාන් රජයේ ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් මහතා මෙම ප්‍රබල ප්‍රකාශය සිදුකර ඇත.
ඇෆ්ගනිස්තානය තවදුරටත් චෝදනා කරන්නේ, පාකිස්තානය සිය භූමියේ ISIS ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් තැකීමක් නොකරන බවයි.
තලේබාන් රජයේ ප්‍රකාශකවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ISIS-K සඳහා පුහුණු මධ්‍යස්ථාන Khyber Pakhtunkhwa හි පිහිටුවා ඇති බවය. ඉරානයේ සහ මොස්කව්හි මෑත කාලීන ප්‍රහාර එම කඳවුරුවලින් සැලසුම් කර ඇති බවටද ඔහු චෝදනා කළේය.