2026 ජූලි 28 අඟහරුවාදා, 07:18
නවතම පුවත්

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්වලින් 26ක් මරුට: රජයේ වගකීම පිළිබඳ පාර්ලිමේන්තුවේ අවධානය

පසුගිය ජුලි මස 05 සහ 06 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ බරපතල නොසන්සුන්තාව සහ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෙම සිදුවීමෙන් තවත් පුද්ගලයන් 100කට අධික පිරිසක් බරපතල තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.

මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරමින්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 19(1) යටතේ හදිසි කල් තැබීමේ විවාදයක් සඳහා කථානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කර තිබේ.

බන්ධනාගාරගතව සිටින ඕනෑම අයෙකු රජයේ භාරයේ සිටින පුද්ගලයන් බවත්, ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම රජයේ මූලික වගකීම බවත් මන්ත්‍රීවරුන් පෙන්වා දෙයි. මෙම කරුණ අවධාරණය කිරීම සඳහා 2020 නොවැම්බර් 30 දිනැති හැන්සාර්ඩ් වාර්තාවේ (280 වන කාණ්ඩය, 07 වන කලාපය) සඳහන් කරුණු ද ඔවුහු උපුටා දක්වති.

“බන්ධනාගාරගතව හෝ රිමාන්ඩ් භාරයේ සිටින අය රාජ්‍ය භාරයේ සිටින අයයි. එම රැඳවියන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ මූලික වගකීම ඇත්තේ ආණ්ඩුවටයි,” යනුවෙන් ඔවුන් සිය ඉල්ලීමේදී වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම සිද්ධියේ ඇති බරපතලකම සහ හදිසි ස්වභාවය සලකා බලා, අදාළ මරණ සහ තුවාල සිදුවීම් සම්බන්ධයෙන් රජයේ වගකීම විමර්ශනය කිරීමට වහාම පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස මන්ත්‍රීවරුන් කථානායකවරයාගෙන් ඉල්ලා සිටී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories