2026 ජූලි 29 බදාදා, 14:58
නවතම පුවත්

කඩුගන්නාවේ ගල් පෙරලීමේ නවතම තතු හෙළි වේ!

පහළ කඩුගන්නාව ආශ්‍රිතව සිදුවූ ගල් පෙරලීමේ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් නවතම තතු අනාවරණය වී තිබේ.

එහි ස්ථානීය පරීක්ෂණය සිදු කර ගත යුතු කඩිනම් පියවර සහ විසඳුම් පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාවක් කෑගල්ල දිසාපතිවරයාට සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්වරයා වෙත මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියට ලබා දී ඇතැයි ජාති‍ක ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නියෝජනය කරෛන් පැවසුවේ එම වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව මාර්ගය විවෘත කිරීමේ හැකියාවක් පවතින බවය.

කෙසේ නමුත් පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම කටයුතු සිදු කිරීමට බාධා එල්ල වී ඇතැයිද ඒ මහතා අද (25) පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

මෙම ප්‍රදේශය භෞතික මැනුම් කටයුතු සිදු කිරීමට අපහසු ස්ථානයක් බවත් මේ හේතුවෙන් ලයිඩා තාක්ෂණය සහ ඩ්‍රෝනා තාක්ෂණය භාවිත කරමින් එම ප්‍රදේශයේ මැනුම් කටයුතු සිදුකළ බවත් ඒ අනුව එම ස්ථානය දීර්ඝ කාලීනව ස්ථාවර කිරීම සඳහා වූ සැලසුම් සකස් කිරීම සඳහා පියවර ඊයේ දිනයේදී ආරම්භ කළ බවත් ඔහු පැවසීය.

ඒ අනුව ඉදිරි කාලයේදී දීර්ඝ ස්ථාවර කිරීම් කටයුතු සැලසුම් කර එම ස්ථාවර කිරීම් අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර ඉදිරියේදී සිදුකිරීමට බලාපොරොත්තු වන බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories