තලවකැලේ නගර මධ්‍යයේ රතිඤ්ඤා දල්වමින් සිටි තරුණයන් දෙදෙනෙකු යට කර පලා ගොස් සැඟව සිටි බොලරෝ ලොරි රථයේ රියදුරා අද (ඔක්තෝබර් 20) සැකපිට අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලීසිය පවසයි.
අද අලුයම 12:30 ට පමණ තරුණයන් දෙදෙනෙකු තලවකැලේ නගර මධ්‍යයේ රතිඤ්ඤා දල්වමින් සිටියදී නගර මධ්‍යයේන් අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක් ඔවුන් දෙදෙනා යට කර පලා ගොස් තිබේ. සැකකාර රියදුරා තලවකැලේ ග්‍රෙඩ් වෙස්ටන් වතුයායේ නිවසේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරින් තුවාල ලැබූ තරුණයින් දෙදෙනා බරපතල තුවාල සහිතව ලිඳුල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.