2026 ජූලි 29 බදාදා, 19:50
නවතම පුවත්

සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද

සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද (04) සිට ලබන 9 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව දිවයිනේ තෝරාගත් දිස්ත්‍රික්ක 12ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් වුවද පසුගිය වසරේ දී ඇතැම් ප්‍රදේශවලින් සරම්ප රෝගීන් වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

“මෙහිදී අරමුණ වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම තරුණ පරපුර විශේෂයෙන්ම කලින් සරම්ප එන්නත ලබානොගත් හෝ අතපසුවීමකින් බොහෝ වෙලාවට එසේත් නොමැති නම්, සරම්ප එන්නතින් සම්පූර්ණ ආරක්ෂාව ලබානොගත් හෝ එසේත් නොමැති නම්, සරම්ප එන්නත් මාත්‍රා එකක් පමණක් ලබාගත් අය සිටිනවා නම්, ඒ අය තෝරා බේරාගෙන ඒ අයට නැවත වරක් සරම්ප මාත්‍රාවක් ලබාදීම තමා ප්‍රධාන අරමුණ. වාසනාවකට වගේ අපේ රට තුළ සරම්ප එන්නත්කරණය හරහා පසුගිය අවුරුදු 10 – 20 ඇතුළත ඉතා විශාල ප්‍රගමනයක් ඇති කරගෙන තියෙනවා. ඒ හරහා අපිට පුළුවන් වුණා සරම්ප සම්පූර්ණයෙන්ම තුරන් කරන්න. නමුත් වෙනත් රටවලින් සරම්ප රෝගකාරක වෛරසය අපේ පරිසරයට ඇතුළු වුණොත්, ඒ සරම්ප රෝගයට නතු විය හැකි අයට ඒක අවදානමක් තියෙනවා. ඒ අවදානම අවම කිරීමේ අරමුණින් තමා මේ වැඩසටහන කරන්නේ.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories