2026 ජූලි 29 බදාදා, 18:54
නවතම පුවත්

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නායකයින් අද දිවයිනට !

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් 5 දෙනෙකු රැගත් ගුවන් යානය අද (30) සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වන බවයි.

මෙම පිරිස ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට පිටත්ව එන අතර, ඔවුන් මෙරටට භාර දීමට ඉන්දුනීසියානු රජයේ සහයද ලබා තිබේ.

අත්අඩංගුවට ගෙන එන පාතාලකරුවන් වන්නේ, කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ද (පිට්ටුවා), පානදුරේ නිලංග, බැකෝ සමන්, තැඹිලි ලහිරු යන අයයි.

මෙම පිරිස ඉන්දුනීසියාවට ගොස් සිටින බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රෝහන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ, ඉන්දුනීසියානු පොලිසියගේ විශේෂ කණ්ඩායමක් මඟින් රැගෙන පැමිණෙයි.

ඉන්දුනීසියාවේදී පැවති විමර්ශන කටයුතු ඉක්මනින් අවසන් වූ බැවින්, මුල් සැලසුම අනුව හෙට දිනයේ රැගෙන එන්නට නියමිතව තිබූ මෙම අපරාධකරුවන් අද දිනයේම ශ්‍රී ලංකාවට ගෙන ඒමට හැකිවී ඇත.

මේ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) කණ්ඩායම් මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ සහ පිටත ආරක්ෂාව තර කර සිටින බව වාර්තා වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories