2026 ජූලි 29 බදාදා, 07:40
නවතම පුවත්

මාර්ග ආරක්ෂාවට නව පියවරක්. බස් රථ රියදුරන්ට ආසන පටි අද සිට අනිවාර්යයි!

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තවත් පියවරකින් ඉදිරියට ගෙන යමින්, බස් රථ රියදුරන් ආසන පටි පැළඳීම අද (ජූලි 01) සිට අනිවාර්ය බවට ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කර ඇත. මෙම නීතිය කඩ කරන රියදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෝටර් රථ පනතේ ප්‍රතිපාදනවලට අනුව, බස් රථ රියදුරන් ආසන පටි පැළඳීම කලක සිට අනිවාර්ය වී තිබුණත්, බොහෝ රියදුරන් පසුගිය කාලය පුරා එය නොසලකා හැර තිබුණි. මෙම නොසැලකිලිමත්කම හේතුවෙන් සිදුවූ මාර්ග අනතුරු සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමක් වාර්තා වීම බලධාරීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබුණි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මාර්ග අනතුරු අවම කර ගැනීමේ අරමුණින් මෙම නීරීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ .

එපමණක් නොව, බස් රථ සහ ත්‍රිරෝද රථ ඇතුළු අනෙකුත් වාහනවල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ද අද සිට යළි ආරම්භ කරන බව පොලිසිය ප්‍රකාශ කරනවා. මෙම පියවරයන් මගින් මාර්ග අනතුරු අවම කර ගැනීමටත්, මගී ප්‍රවාහනය වඩාත් ආරක්ෂිත කිරීමටත් අපේක්ෂා කෙරේ .

මෙම නව නීති රීතිවලට අනුකූලව කටයුතු කිරීමෙන්, වඩාත් ආරක්ෂිත මාර්ග පරිසරයක් නිර්මාණය කිරීමට සියලුම රියදුරන් සහ මගීන් දායක වනු ඇතැයි අපේක්ෂා කරමු.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories