2026 ජූලි 31 සිකුරාදා, 03:10
නවතම පුවත්

TikTok ලොක්කා චීනයේ ලොකුම සල්ලිකාරයා වෙයි

TikTok සමාජ මාධ්‍ය යෙදවුමේ ඉහළ යන ගෝලීය ජනප්‍රියතාවය හේතුවෙන් එහි මව් සමාගම වන ByteDance හි සම-නිර්මාතෘවරයා වන Zhang Yiming මේ වනවිට චීනයේ සිටින ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ.

Hurun පර්යේෂණ ආයතනය විසින් නිකුත් කරන ලද චීන ධනවතුන්ගේ ලැයිස්තුවකට අනුව, Zhang Yiming සතු වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 49.3 (පවුම් බිලියන 38) කි.

එය ඔහුගේ 2023 වසරේ වත්කම් ප්‍රමාණයට සාපේක්ෂව 43% ක් ඉහළ යෑමක් බව පැවසේ.

41 හැවිරිදි Zhang Yiming 2021 වසරේදී සමාගමේ භාරකාර භූමිකාවෙන් ඉවත් වූ නමුත් සමාගමේ කොටස්වලින් 20% ක පමණ හිමිකාරීත්වය පවත්වාගෙන යයි.

TikTok සමාජ මාධ්‍ය සහ චීන රජය අතර ඇති සබඳතා පිළිබඳව ලොව රටවල් රැසක් දැඩි අවධානය සහ කනස්සල්ල පළකර තිබියදීත් එය ලොව වඩාත්ම ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදුම්වලින් එකක් බවට පත්ව ඇත.

කෙසේවෙතත් TikTok මෙන්ම ByteDance යන සමාගම් දෙකම පවසන්නේ ඔවුන් චීන රජයෙන් වෙන්ව ස්වාධීනව කටයුතු කරන බවයි.

ByteDance සිය හිමිකාරීත්වය වෙනත් පාර්ශවයකට අලෙවි නොකළහොත්, 2025 ජනවාරි මාසයේදී රට තුළ TikTok තහනම් කරන බවට අමෙරිකාව මේවනවිටත් පවසා තිබේ.

බ්‍රිතාන්‍ය තුළ ද TikTok එවැනි දැඩි පීඩනයට මුහුණ දී තිබියදීත් මව් සමාගම වන ByteDance හි ගෝලීය ලාභය පසුගිය වසරේ 60% කින් වැඩිවිය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories