2026 ජූලි 29 බදාදා, 07:58
නවතම පුවත්

මියගිය LTTE දස දහස් ගණනක නාමපුවරු ප්‍රදර්ශනයක්

යුධ සමයේදි ඝාතනයට ලක් වූ දෙමළ ඊලම් විමුක්ති කොටි සාමාජිකයන් විසි දහසකට අධික පිරිසකගේ නම් ඇතුළත් කරන ලද පලක මාලාවක් මහවිරු සතියේ තුන්වන දිනයේදී යාපනයේදී ජනසතු කර තිබේ .

උපවාසයේ යෙදී සිටියදී මිය ගිය එල්.ටී.ටී.ඊ සංවිධානයේ රාසයියා පාර්තිපන් හෙවත් ත්‍යාගී තිලීපන් සැමරීම සඳහා නල්ලුර් කන්දසාමි කෝවිල අසල ඉදිකර තිබු 2010 දී රජයේ ආරක්ෂක අංශ විසින් කඩා බිඳ දමන ලද තිලීපන්ගේ ස්මාරකය සමීපයේ නොවැම්බර් 23 වැනි සෙනසුරාදා පස්වරු හයට හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 24379ගේ නම් ඇතුලත් පුවරු විවෘත කර තිබුනේ යුද පීඩිත දෙමළ මාතාවක් විසිනි.

1982 වසරේ නොවැම්බර් 27 සිට 2009 මැයි 18 දක්වා ඝාතනයට ලක් වු දෙමළ ඊලාම් විමුක්ති කොටි සාමාජිකයන්ගේ නම් පලක වල කොටා ඇති බව පවසන පළාත් බද වාර්තාකරුවන් සඳහන් කරන්නේ නාම පුවරු ප්‍රදර්ශනයේ ආරම්භක අවස්ථාවට යුද වින්දිත දෙමළ ජනයා ද එක්ව සිටි බවයි.

මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ නම් ඇතුලත් පුවරු නොවැම්බර් 27 වැනිදා දක්වා ප්‍රදර්ශනය කෙරෙන එම ස්ථානයේදී තම සමීපතමයන් සිහිකිරීමට ඔවුන්ගේ ඥාතීන්ට අවස්ථාව හිමි වන බව ද ඔවුහු වැඩි දුරටත් පවසති.

දෙමළ මහවිරුවන් අනුස්මරණය කිරීමේ සංවත්සරය යෙදී ඇත්තේ නොවැම්බර් 27 දාටය.

එල්.ටී.ටී.ඊ. පාලනය යටතේ පැවති දෙමළ ජනතාවගේ භූමි ප්‍රදේශ හමුදාව විසින් අත්පත් කර ගැනීමත් සමඟ, උතුරු සහ නැඟෙනහිර ප්‍රදේශවල මියගිය දෙමළ සටන්කාමීන්ගේ සොහොන් 20,400 ක් පමණ තිබූ සුසාන භූමි 25 කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඩෝසර් කර සමරු පලක කඩා බිඳ දමා තිබෙන බව වාර්තා වේ .

මීට අමතරව හින්දු සංස්කෘතියේ කොටසක් වන මළවුන්ට ගෞරව දැක්වීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මූලික අයිතිවාසිකමක් ලෙස ද ප්‍රකාශයට පත් කර ඇත .

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories