2026 ජූලි 29 බදාදා, 16:42
නවතම පුවත්

‘පෙරළුණු හැටන් බස් රථය ධාවනයට නුසුදුසුයි’: විමර්ශනයේදී හෙළි වෙයි

මිනිස් ජීවිත තුනක් බිලිගෙන තවත් විශාල පිරිසක් බරපතළ තුවාල ලැබූ හැටන් ප්‍රදේශයේ හෙළකට පෙරළී අනතුරට පත් බස් රථය ධාවනයට නුසුදුසු තත්ත්වයේ පවතින බැවින් එම බස් රථයේ හිමිකරුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නීතිමය පියවර ගන්නා බව හැටන් පොලිසිය පවසයි.

මේ අතර, අනතුරට පත් පෞද්ගලික බස් රථය නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක දමින්ද සේනානායක විසින් 23 වන දා පරීක්ෂාවට ලක් කෙරිණි.

හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන්ගේ ඉල්ලීමක් මත පොලිස් භාරයේ ඇති අනතුරට පත් බස් රථය ප්‍රධාන මෝටර් රථ පරීක්ෂකවරයාගේ පරීක්ෂාවට ලක් කෙරිණි.

මෙම පරික්ෂාවේදී ධාවනය වෙමින් තිබූ බස් රථයේ රියැදුරු ‍දොරටුව විවෘත වී ඇත්තේ, කාලයක් තිස්සේ එම ‍දොරේ අගුල ක්‍රියා විරහිතව තිබීම නිසා බව ත් එම දොර තාවකාලිකව වසා දැමීමට ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බවට මෝටර් රථ පරීක්ෂකවරයා තහවුරු කරගෙන ඇත.

තවද, රියැදුරුගේ ආරක්ෂිත බඳ පටිය නොමැති බව ත් බස් රථය තුළ අනතුරු සිදුවිය හැකි සුදු යකඩ උපාංග රැසක් සවිකර තිබීම නිසා මගීන් තිදෙනෙකු මියගොස් මගීන් විශාල පිරිසකට බරපතළ තුවාල සිදු වීමට හේතුව වී ඇති බව ද මෝටර් රථ පරීක්ෂකවරයා පොලිසිය වෙත පැවසීය.

බස් රථයේ ආසන ප්‍රමිතියකට සවිකර නොතිබීම නිසා ආසන සියල්ල ගැලවී ගොස් එකිනෙක ගැටීම නිසා මගීන්ට සිදු වූ තුවාල බරපතළ වීමට හේතුව වී ඇති බවද මෝටර් රථ පරීක්ෂකවරයා පැවසීය.

මගී ප්‍රවාහන වාහනවල අමතර උපාංග කිසිවක් සවි කිරීමට ඉඩ ලබා නොදෙන ලෙසත්, එසේ සවිකර ඇති උපාංග ගලවා ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂකවරයා රථ වාහන පොලිසියේ නිලධාරීන්ට පැවසීය.

ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබූ බස් රථයක් ධාවනයට එක් කිරීම සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කරන බවද හැටන් පොලිසිය පැවසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories