2026 ජූලි 31 සිකුරාදා, 22:08
නවතම පුවත්

ජීවිත බිලිගත් මාරක අනතුරු

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් අවුරුද්දයි මාස 07ක කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (13) එම අනතුරු සිදුව තිබුණේ මහව, මනම්පිටිය, බලංගොඩ සහ සිලාවතුර යන පොලිස්වසම්වලින්ය.
මහව පොලිස් වසමේ අනුරාධපුර – පාදෙණිය මාර්ගයේ කැත්තපහුව ප්‍රදේශයේදී වෑන් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් මාර්ගය අයිනේ තිබූ කුඹුක් ගසක ගැටී සිදුවූ අනතුරකින් අඹුසැමි යුවළක් මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, කොච්චිවත්ත, වැලිවේරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි පුද්ගලයෙක් සහ 53 හැවිරිදි කාන්තාවකි.
ඔවුන් අඹුසැමි යුවළක් බව පොලීසිය පවසයි.
මේ අතර බලංගොඩ පොලිස් වසමේ රුක්මල්කඳුර ප්‍රදේශයේදී නිවසක ඉදිරිපිට මිදුලේ නවතා තිබූ ලොරි රථයක් පණ ගන්වා නිවසින් පිටව යාමට පසුපසට ධාවනය කරන අවස්ථාවේදී නිවසේ සිටි පිරිමි දරුවෙකු ලොරි රථයේ වම්පස පිටුපස රෝදයට යටවීමෙන් අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පිරිමි දරුවා බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මියගිය දරුවා වයස අවුරුදු 01 යි මාස 07 ක් වූ දෙපැලමුල්ල, බලංගොඩ ප්‍රදේශයේ පදිංචි ලොරි රථයේ රියදුරුගේ පුත්‍රයා වේ.
අනතුර සිදුකළ වයස අවුරුදු 39 මියගිය දරුවාගේ පියා අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර මනම්පිටිය පොලිස් වසමේ දිඹුලාගල මහඋල්පත මාර්ගයේ මහඋල්පත ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට ලිස්සාගොස් මාර්ගයේ ගමන්ගත් පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික කාන්තාව හා පැදිකරු මනම්පිටිය හා පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කිරීමේදී පදික කාන්තාව මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, මහඋල්පත, කාශ්‍යපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි කාන්තාවකි.

මේ අතර සිලාවතුර පොලිස් වසමේ සිලාවතුර මුල්ලිකුලම් පුත්තලම ප්‍රධාන මාර්ගයේ පාසිතණ්ඩල් ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ එළ ගවයෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු හා පසු පැදිකරු සිලාවතුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මන්නාරම රෝහල වෙත මාරු කර යවා පැදිකරු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, මරිච්චකට්ටි, මන්නාරම ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි පුද්ගලයෙකි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories