උතුරු පොල් ත්‍රිකෝණයේ පොල් වගාකරුවන් සඳහා රජය විසින් අක්කරයකට රුපියල් 30,000ක සහනාධාරයක් ලබාදීමට තීරණය කර ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පවසයි.
අලුතින් වගා කරන පොල් ඉඩම් සඳහා ජල පහසුකම් ලබා ගැනීමේ අරමුණින් මෙම මුදල් ප්‍රධානය සිදු කරන බව ඔහු සඳහන් කළේය.
මෙම සහනාධාරය ලබාදීමට සැලසුම් කර ඇත්තේ, උතුරු පොල් ත්‍රිකෝණය තුළ පොල් පැළ ලක්ෂ 10ක් වගා කිරීමේ වැඩසටහනට සමගාමීව බව ඔහු වැඩිදුරටත් පැවසීය.