අද පෙරවරුවේ ඉන්දියාවේ වයඹදිග කාෂ්මීර් කලාපය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන තිබේ. ඉන්දීය වේලාවෙන් පෙරවරු 11.51ට පමණ සිදුවූ මෙම කම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර් 35ක් පමණ ගැඹුරින් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම කම්පනය ප්‍රදේශ කිහිපයකට තදින් දැනී ඇති අතර, ඉන් සිදුවූ දේපළ හෝ ජීවිත හානි පිළිබඳව මෙතෙක් නිල වාර්තා ලැබී නොමැත. කෙසේ වෙතත්, ඉදිරි පැය කිහිපය තුළ පසු කම්පන (Aftershocks) ඇතිවීමේ අවදානමක් පවතින බැවින් මහජනතාව අවධානයෙන් පසුවිය යුතු බව ඉන්දීය භූ කම්පන ජාතික මධ්‍යස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.