2026 ජූලි 31 සිකුරාදා, 15:33
නවතම පුවත්

දිනපතාම ක්‍රියාත්මක වන මිනීමරු සංස්කෘතියට විසඳුමක් නැද්ද ? සජිත් ආණ්ඩුව ප්‍රශ්න කරයි!

මෙරට ක්‍රියාත්මක වන ම්ලේච්ඡ මිනීමරු සංස්කෘතිය නැති කිරීම සහ නීතිය හා සාමය ස්ථාපිත කිරිමට රජය කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මේ දිනවල සිදුවූ වෙඩි තැබීම් සම්බන්ධයෙන් අද (15) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කලේය.

අක්මීමන බූස්ස ඝාතනය, තල්දෙණ මීගහකිවුල ඝාතනය, අගුණකොළපැලැස්ස ඝාතනය, වැලිවේරිය වෙඩි තැබීම මුතූර් බල ප්‍රදේශයේ ද්විත්ව ඝාතනය, ඊයේ දින අම්බලන්ගොඩ සිදුවු වෙඩි තැබීම කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ සිදුවූ ද්විත්ව ඝාතනය පිළිබඳ මෙහිදී ඉස්මතු කළ සජිත් ප්‍රේමදාස පවසා සිටියේ මෙරට මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් පවතින බවයි.

“ඊයේ දවසෙත් මේ ප්‍රශ්නය මතු කළා. තවම පොලිස්පති හොයාගන්න බැහැ. උසාවියේ මිනී මැරුම සංවිධානය කළැයි කියන කාන්තාව හොයාගන්න බැහැ. මේ දිනපතාම ක්‍රියාත්මක වන මිනීමරු සංස්කෘතියට නැවතීමක්, විසඳුමක් නැද්ද, මේ තත්වය තුළ රටේ ජනතාව දැඩි අනාරක්ෂිත තත්වයකට පත්ව තිබෙනවා”

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ අවධානය යොමු විය යුතු බවත් ඊට එරෙහිව ගෙනෙන විසඳුම් ජනතාවට ඉදිරිපත් කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස තවදුරටත් අවධාරණය කලේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories