2026 අගෝස්තු 02 ඉරිදා, 01:40
නවතම පුවත්

මුලතිව් සමථ මණ්ඩල නියෝගයකින් බල්ලෙක් එල්ලා මරයි

මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන්හි සමථ මණ්ඩලයක් විසින් එළුවෙකු සපා කෑ බල්ලකු එල්ලා මැරීමට තීන්දුවක් නිකුත් කර ඇති බව සත්ව සුභසාධන සන්ධානය (AWC) අනාවරණය කරයි.

AWC විධායක කමිටු සාමාජික වෛද්‍ය චමිත් නානායක්කාර ‘ඩේලි මිරර්’ වෙත පවසා ඇත්තේ, සිද්ධිය පිළිබඳව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට ලිපියක් යවා ඇති බවයි.

ලිපියට අනුව, සිද්ධිය සෙනසුරාදා (25) වාර්තාවී තිබේ.

කණ්ඩායම් දෙක අතර ගැටුමට විසඳුමක් ලෙස ඔඩ්ඩුසුඩාන්හි සමථ මණ්ඩලය විසින් සුනඛයා එල්ලා මැරීමට නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

විස්තරයට අනුව, එක් පවුලකට අයත් බල්ලකු තවත් පවුලකට අයත් එළුවෙකු සපාකෑමෙන් පවුල් දෙක අතර ආරවුලක් ඇතිව තිබේ.

මෙම නඩුව සමථ මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අතර, එහිදී මැදිහත්කරුවන් තිදෙනෙකු බල්ලා එල්ලා මැරීමට තීරණය කළ බව කියන අතර, බල්ලා හිමි පවුලට එම ක්‍රියාව පිළිබඳ ඡායාරූප සාක්ෂි ලබාදෙන ලෙස උපදෙස්දී ඇත.

වෛද්‍ය චමිත් නානායක්කාර පවසන්නේ, නියෝගය ලද පවුල මෙම නියෝගය මත ක්‍රියා කළ බවත්, බල්ලා එල්ලා මැරීමේ අමානුෂික ක්‍රියාව සිදුකළ බවත්ය.

මෙම සිදුවීම සමාජ මාධ්‍යවල පුළුල් ලෙස සංසරණය වී ඇත.

එවැනි නියෝගයක් නිකුත් කිරීම සදාචාරාත්මක හා නීතිමය මූලධර්ම දෙකම උල්ලංඝනය කිරීමක් බව AWC විශ්වාස කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories