2026 ජූලි 29 බදාදා, 03:21
නවතම පුවත්

නිවැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා විපක්ෂයේ පූර්ණ සහාය

රජය විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේ නම් ඊට සිය පූර්ණ සහාය ලබා දීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විශේෂයෙන්ම 6 ශ්‍රේණිය සඳහා සැලසුම් කර තිබූ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් දූදරුවන් විශාල පිරිසක් අසරණ වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රමාද වීමේ වගකීම විපක්ෂය මත පැටවීමට රජය උත්සාහ කළද, සැබවින්ම එය නතර කළේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බවයි විපක්ෂ නායකවරයා චෝදනා කරන්නේ. ලක්ෂ සංඛ්‍යාත දෙමාපියන් සහ සිසුන් මෙම නව වෙනස්කම් අපේක්ෂාවෙන් සිටියද, රජය එය කල් දැමීම නිසා ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වී ඇති බව හෙතෙම සඳහන් කළේය.

එබැවින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා විශේෂඥයන් සමඟ සාකච්ඡා කර, අන්තර්ගතයේ පවතින අසභ්‍ය කොටස් ඉවත් කරමින් මෙම වසර තුළදීම නිවැරදි ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන් විධිමත් සාකච්ඡාවක් පවත්වන්නේ නම් විපක්ෂය ලෙස තමන්ගේ අදහස් ලබා දීමටත්, ප්‍රගතිශීලී තීන්දු සඳහා සහයෝගය දැක්වීමටත් සූදානම් බව සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories