2026 ජූලි 27 සඳුදා, 01:39
නවතම පුවත්

IDH රෝහලේදී සඳමිණී මියගියේ එන්නතින්ද? ඩෙංගු රක්තපාතයෙන්ද?

මතුගම පදිංචි 23 හැවිරිදි සඳමිණි දිව්‍යාංජලී යනු රටට වැඩදායී තරුණියක වීමට සිහින දකිමින් සිටි දීප්තිමත් උපාධිධාරිනියකි. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ජාතික පාසලේ දීප්තිමත් ශිෂ්‍යාවක වූ ඇය, ජනාධිපති බාලදක්ෂිකාවක ලෙස තායිලන්තයේ පවා සංචාරය කරමින් ජයග්‍රහණ රැසක් හිමිකර ගත්තාය. රැකියාව කරන අතරතුර ජපන් භාෂාව හදාරමින් සිය අනාගතය සැලසුම් කරමින් සිටි ඇයගේ ජීවිතය නොසිතූ අයුරින් අවසන් වූයේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේදීය.

පසුගිය 12 වැනිදා ඇති වූ උණ තත්ත්වයක් හේතුවෙන් ඩෙංගු රෝගය වැළඳී ඇති බව තහවුරු වීමත් සමඟ ඇය එදින රාත්‍රියේම අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කෙරිණි. වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර මධ්‍යයේ සුවය ලබමින් සිටි ඇයව 14 වැනිදා පෙරවරුවේ රෝහලෙන් පිට කිරීමට පවා නිර්දේශ වී තිබුණි. එහෙත් එම දිනයේ උදෑසන ඇයට දැනුණු වමනය ගතියක් පිළිබඳව රෝහල් කාර්ය මණ්ඩලයට දැනුම් දීමත් සමඟ සියල්ල කණපිට හැරුණි.

වමනය පාලනය කිරීම සඳහා ඇයට ලබාදී ඇත්තේ ඔන්ඩන්සෙට්‍රොන් නමැති එන්නත බව පසුව හෙළි විය. එම එන්නත ලබාදී සුළු මොහොතකින් ඇයට වලිප්පුව වැනි තත්ත්වයක් ඇති වී සිහිසුන්ව තිබේ. සුව වී නිවසට යාමට සූදානම්ව සිටි සඳමිණී දෑස් පියා ගත්තේ මේ අවාසනාවන්ත සිදුවීමෙන් පසුවය. මෙම සිද්ධියත් සමඟ රෝහල තුළ තවත් මෙවැනිම මරණයක් සිදුවූ බවට සැක සහිත ආරංචි පැතිර යාම නිසා මහජනතාව අතර දැඩි කැළඹීමක් ඇති විය.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසන්නේ මහනුවර රෝහලේ සිදුකළ පරීක්ෂණයකට අනුව මෙම එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට දෙසැම්බර් 12 වැනිදාටත් පෙර තීරණය කර තිබූ බවයි. එසේ නම් භාවිතයෙන් ඉවත් කිරීමට උපදෙස් දී තිබූ එන්නතක් සඳමිණීට ලබා දුන්නේ මන්ද යන්න දැන් මතුව ඇති බරපතළම ගැටලුවයි. මෙම සිදුවීමත් සමඟ අදාළ සමාගම විසින් ගෙනැවිත් තිබූ තවත් ඖෂධ වර්ග දහයක් රෝහල්වලින් ඉවත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.

මීට පෙර පේරාදෙණිය රෝහලේදී චමෝදි සන්දීපනී නමැති තරුණිය මියගියේ ද මෙලෙසම එන්නතක් විෂ වීමෙන් බවට එකල චෝදනා එල්ල විය. ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව දිගින් දිගටම පැනනගින මෙම ගැටලු හමුවේ අසරණ රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව තිබේ. සඳමිණීගේ වියෝවෙන් ඇයගේ මවුපියන් සහ එකම සොහොයුරා දැඩි ලෙස කම්පාවට පත්ව සිටින අතර, මේ පිළිබඳව විනිවිද පෙනෙන සුළු පරීක්ෂණයක් පවත්වා සැබෑ හේතුව අනාවරණය කිරීම බලධාරීන්ගේ වගකීමකි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories