අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට සමගි ජන බලවේගය (SJB) අද (ජූනි 13) සමත් විය. සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී, සියලු දෙනා පුදුමයට පත් කරමින් බහුතර ඡන්ද ලබා ගනිමින්, SJB හි සභාපති ධුර අපේක්ෂකයා වූ රණසිංහ වනිගසේකරලාගේ ධර්මදාස මහතා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස පත්විය.
මෙය දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක්ව ඇති සිදුවීමක් වන්නේ, පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ ජයග්‍රහණය ජාතික ජනබලවේගය (NPP) හිමිකරගනු ලැබුවද, ඔවුන්ට බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට අපොහොසත් වීමයි. NPP මන්ත්‍රී ධුර 7ක් හිමිකරගත් අතර, සමගි ජන බලවේගයට හිමි වූයේ මන්ත්‍රී ධුර 6ක් පමණි.