විෂ මත්ද්‍රව්‍ය මුලිනුපා දැමීමේ “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ඊයේ (නොවැම්බර් 08) දිනයේ සිදුකළ වැටලීම්වලදී පුද්ගලයින් 994 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ ඊයේ දිනය පුරා වැටලීම් 1000ක් සිදු කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී පොලීසිය විසින් සොයාගත් මත්ද්‍රව්‍ය තොගය පහත පරිදිය:
- හෙරොයින් කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 782ක්
- අයිස් ග්‍රෑම් 827ක්
- ගංජා කිලෝග්‍රෑම් 71යි ග්‍රෑම් 681ක්
- මත්පෙති 631ක්
අත්අඩංගුවට ගත් සැකකරුවන් 25 දෙනෙකුට රැඳවුම් නියෝග නිකුත් කර ඇති අතර, තවත් 05 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.