මිද්දෙණිය ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තිබී සොයාගත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන සම්පත් මනම්පේරි මහත්මයා අදාළ මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද (15) අභියාචනාධිකරණයට දැනුම් දුනි.
මෙම භාරවීමෙන් පසු සම්පත් මනම්පේරිගේ ආරක්ෂාව සහතික කරන ලෙස පොලිස්පතිවරයාට අභියාචනාධිකරණය නියෝග කළ අතර, එය විමර්ශන නිලධාරීන්ටද දැනුම් දීමට අධිකරණය නියම කළේය.
මෙම නියෝගය නිකුත් වී ඇත්තේ, සම්පත් මනම්පේරිව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව සඳහන් කරමින් ඔහුගේ නීතිඥයින් ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවය.