2026 ජූලි 29 බදාදා, 03:26
නවතම පුවත්

විදේශ ආධාර තොග නිසි කළමනාකරණයට ජාතික කමිටුවක්

‘දිට්වා’ සුළි කුණාටුව නිසා ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් මෙරටට ලැබෙන විදේශ ආධාර නිවැරදි කළමනාකරණයකින් හා සම්බන්ධීකරණයකින් යුතුව බෙදා හැරීම සඳහා ජනාධිපතිවරයා විසින් ජාතික කමිටුවක් පත් කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පැවසීය. ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මේ වන විට විවිධ රටවලින් විශාල වශයෙන් ආධාර තොග ලැබෙන බවත්, ඉදිරියේදී තවදුරටත් මෙම සහනාධාර ලැබීමට නියමිත බවත්, එලෙස ලැබෙන ආධාර නිසි පරිදි කළමනාකරණය කිරීම වැදගත් බවත් පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා එම කටයුතු අධීක්ෂණය කිරීම මෙම කමිටුවෙන් සිදු කෙරෙන බවද කීය.

මෙම ලැබෙන ආධාර නිසි පරිදි අවශ්‍ය පිරිස් වෙත බෙදා හැරීමේ වගකීම රජය සතු බවත්, වඩාත් කාර්යක්ෂමව සහ නිසි ක්‍රමවේදයකින් සහ විනිවිදභාවයකින් යුතුව මෙම කටයුතු සිදු කිරීම මෙම කමිටුවේ කාර්යය බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. ඒ පිළිබඳ වාර්තාවක් තානාපති කාර්යාලවලටද ලබා දෙන බව ඔහු සඳහන් කළේය. කිසිදු අවස්ථාවක මෙම ලැබෙන ආධාර අවභාවිතා කිරීමට ඉඩ නොතබන බවද ඒ මහතා අවධාරණය කළේය.

ජාතික ආපදා සහන සේවා අතිරේක ලේකම්, ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ, ආපද සම්බන්ධව කටයුතු කරන ආයතන රැසක හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් මෙම කමිටුව සමන්විත බවද අරුණ ජයසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories