2026 ජූලි 31 සිකුරාදා, 19:56
නවතම පුවත්

බ්‍රිතාන්‍ය ජාතික යුවළකගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට පවුම් 2,000 ක්

රජය විසින් පිහිටුවා ඇති ‘Rebuilding Sri Lanka’ අරමුදලට එක්සත් රාජධානියේ පදිංචි රිචර්ඩ් වුඩ් යුවළ විසින් ස්ටර්ලින් පවුම් 2,000 ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කර තිබේ. එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය අසළ පදිංචි මෙම යුවළ, සිය පරිත්‍යාගයට අදාළ ලදුපත සහ විශේෂ ලිපියක් එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් නිමල් සේනාධීර මහතා වෙත භාර දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මෑතකදී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහය දැක්වීමේ අරමුණින් මෙම පරිත්‍යාගය සිදු කළ බව රිචර්ඩ් වුඩ් යුවළ සිය ලිපිය මගින් පෙන්වා දී ඇත. පසුගිය නත්තල් සහ නව වසර සමයේ සති තුනක කාලයක් මෙරට සංචාරය කළ තමන්ට, ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය, ජනතාවගේ උසස් මානව ගුණාංග සහ මෙරට රසවත් ආහාර පිළිබඳව ඉතා ධනාත්මක හැඟීමක් ඇති වූ බවද එම ලිපියේ සඳහන් වේ.

සුළි කුණාටුවෙන් රටට හානි සිදුවුවද, ශ්‍රී ලංකාව ඉතා ශක්තිමත්ව නැවත නැගී සිටින ආකාරය සිය සංචාරයේදී පැහැදිලිව දැකගත හැකි වූ බව රිචර්ඩ් වුඩ් යුවළ වැඩිදුරටත් සඳහන් කර ඇත. ඉදිරියේදී තම අසල්වැසියා වන ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සමඟ සමීප සබඳතා පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බව පවසා ඇති එම යුවළ, එළඹෙන ශ්‍රී ලංකාවේ ජාතික දිනය වෙනුවෙන්ද සිය සුබ පැතුම් එක් කර තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories