2026 ජූලි 29 බදාදා, 03:19
නවතම පුවත්

මන්නාරම – මැදවච්චිය මාර්ගයේ බස් අනතුරක්: පුද්ගලයෙක් මරුට

මන්නාරම – මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 35 කණුව සහ කිලෝමීටර් 36 කණුව අතර ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් එක් පුද්ගලයෙක් මිය ගොස් තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අද (ඔක්තෝබර් 22) අලුයම මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. කොළඹ දෙස සිට මන්නාරම දෙසට ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ අයිනෙහි තිබූ ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ, ආසිකුලම්, මුරුන්කන් ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම අනතුරින් තුවාල ලැබූ තවත් පිරිමි පුද්ගලයින් 08 දෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු මන්නාරම් සහ වව්නියාව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය සඳහන් කරයි. මෘත ශරීරය සෙට්ටිකුලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරුද තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් පරයනාලන්කුලම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories