2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:23
නවතම පුවත්

එජාප – සජබ දීගේ ගැන මල්වතු මහ නාහිමියෝ කියති

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකතුවෙනවාට එම පක්ෂ තුළම අකමැති පිරිස් සිටින බව පෙනෙන්නට ඇතැයි මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති.

හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක ඊයේ (29) මල්වතු මහා විහාරයට ගිය අවස්ථාවේ මහනාහිමියෝ මේ බව පැවසූහ.

රනිල් පාර්ශ්වයේ හා සජිත් පාර්ශ්වයේ එකතුවීමක් පාක්ෂිකයින් සිතන නමුත් ඇතැම් දේශපාලනඥයන් පක්ෂය හා රටට වඩා තමන්ගේ පෞද්ගලික දේශපාලන වාසිය ගැන සිතා මෙම එකතුවීමට අකමැති ස්වරූපයක් ජනමාධ්‍ය වාර්තා මඟින් දැක ගැනීමට ලැබෙන බවත් උන්වහන්සේ කීහ.

තවදුරටත් උන්වහන්සේ මෙසේද පැවසූහ.

“පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන පිරිස කුඩා වුවත් ඔවුන්ට ද රට වෙනුවෙන් කරන්නට විශාල කාර්යභාරයක් තිබෙනවා.”

මෙහි දී අදහස් දැක්වූ නවීන් දිසානායක, එදා එක පෑන් පාරින් ආර්. ප්‍රේමදාස ගාමිණී දිසානායකව ඇමැති ධුරයෙන් ඉවත් කළ බවත්, බලය නොමැති වූ තැන නිවෙසට පැමිණෙන පිරිස ද ක්‍රමයෙන් අඩුවී ගිය බවත් පැවසුවේය.

දේශපාලනඥයාගේ සියල්ල රැඳී තිබෙන්නේ බලය මත බවත්, බලය නැති වූ තැන ජනතාව ද ඔහු අත්හැර යන බවත් හෙතෙම පැවසීය.

එදා ගාමිණී හා ලලිත් පාර්ලිමේන්තු නියෝජනයක් නොමැතිව පාර්ලිමේන්තුවෙන් පිටත සිට විපක්ෂයේ භූමිකාව ගෙනගිය බවත්, වත්මන් පාර්ලිමේන්තුව තුළ විපක්ෂය නියෝජනය කරන පිරිස අඩු නිසා පාර්ලිමේන්තුවෙන් පිටත සක්‍රිය භූමිකාවක් ගෙන යෑම අත්‍යවශ්‍යම කාරණයක් බවත් හෙතෙම පැවසුවේය.

ජනතා විමුක්ති පෙරමුණ සියයට 3 සිට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බලයක් ලබාගැනීම සඳහා වන ආකාරයෙන් ශක්තිමත්ව නැඟී සිටි බවත්, ඔවුන්ගෙන් ඉගෙනගත යුතු දේ තිබෙන බවත් නවීන් දිසානායක කීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories