2026 ජූලි 27 සඳුදා, 06:29
නවතම පුවත්

සජබ සමඟ එජාපය ඒකාබද්ධ වැඩපිළිවෙළකට සූදානම්

සමගි ජන බලවේගය (සජබ) සහ එක්සත් ජාතික පක්ෂය (එජාප) ඒකාබද්ධව වැඩ කළ හැකි ආකාරය පිළිබඳ යෝජනාවලියක් සකස් කිරීම සඳහා සිව් පුද්ගල කමිටුවක් පත් කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක මහතා ‘ඉරිදා මව්බිම’ට පැවසීය.

කබීර් හෂීම්, එස්.එම්. මරික්කාර්, මුජිබුර් රහුමාන් සහ එරාන් වික්‍රමරත්න යන මන්ත්‍රීවරුන් මෙම කමිටුවට අයත් වෙති.

ගිය සතියේ රැස් වූ සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුවේ තීරණයක් අනුව මෙම කමිටුව පත් කර ඇති අතර, ඔවුන්ට පැවරී ඇති වගකීම වන්නේ එජාපය සමග එකට වැඩ කිරීමට හැකි ආකාරය පැහැදිලි කරන යෝජනාවලියක් සකස් කර සජබ නායකයා වෙත ලබා දීමයි. තවද, තම තමන්ගේ පක්ෂවල අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් ඒකාබද්ධව ඉදිරියට යන ආකාරය සෙවීම ද මෙම කමිටුව වෙත පැවරී තිබේ.

කළමනාකරණ කමිටුව ඒකමතිකව තීරණය කර ඇත්තේ, සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂය ලෙස මූලිකත්වයේ තබාගෙන එක්සත් ජාතික පක්ෂය සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමටයි. මෙම තීරණය පසුගිය බ්‍රහස්පතින්දා රැස් වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ද ඒකමතිකව අනුමත කර ඇති බැවින්, එජාපය සමග සමගි ජන බලවේගයේ මූලිකත්වය ඇතිව එම වැඩකටයුතු ඉදිරියට ගෙන යෑම සිදුවනු ඇති බව ගයන්ත කරුණාතිලක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories