2026 ජූලි 31 සිකුරාදා, 11:38
නවතම පුවත්

ජනතා අප්‍රසාදයට ලක්වූ අයට නාමයෝජනා දෙන්න එපා

මැතිවරණවලට තරඟ කිරීම සඳහා සැකයට, අප්‍රසාදයට හා ජනතා අගෞරවයට ලක්ව ඇති අපේක්ෂකයන් වෙත නාම යෝජනා ලබානොදෙන ලෙසත් තරුණ හා කාන්තා අපේක්ෂිකාවන්ට වැඩි ඉඩක් දෙන ලෙසත් මාර්තු 12 ව්‍යාපාරය ඉල්ලා සිටී.

මාර්තු 12 ව්‍යාපාරය විසින් පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ සඳහා ඉදිරිපත් වන අයට අපේක්ෂකත්වය ලබාදීමට පෙර සලකා බැලිය යුතු කරුණු 08ක් ඉදිරිපත් කර තියෙන බවත් එය මෙවර මහ මැතිවරණයට අදාළ කරගන්නා ලෙසත් එම ව්‍යාපාරයේ සම කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා ඉල්ලා සිටී.

නාම යෝජනා භාරදීමට පෙර සමස්ත ජන ප්‍රජාවට සංවේදී ගෝලීය දැක්මක් සහ දේශීය චින්තනයක් ඇති නීති හා ප්‍රතිපත්ති සම්පාදනයට සහ මූල්‍ය කළමනාකරණයට හැකියාව ඇති ප්‍රායෝගික පුද්ගලයකු වීම. අපරාධ වරදක් සඳහා සිරදඬුවමකට ලක්වූ හෝ අත්හිටුවූ සිරදඬුවම්වලට ලක්වූවකු නොවිය යුතුයි. අල්ලස් හෝ දූෂණ පිළිබඳ වරදකරුවකු නොවූ සමාජය පිළිගත් චරිතවත් අයකු විය යුතුයි. එමෙන්ම අල්ලස් හෝ දූෂණ පිළිබඳ චෝදනා ලැබූ අය ගැන පරීක්ෂාකාරි විය යුතුයි. මධ්‍යසාර, මත්ද්‍රව්‍ය, සූදු, කැසිනෝ, ගණිකා මඩම් ඇතුළු රටේ යහපැවැත්මට හානිකර ව්‍යාපාර පවත්වාගෙන යන හෝ අතීතයේ එසේ නොකළ අයකු විය යුතුයි.

ජීව ආධාරක ව්‍යුහය විනාශ කරන පාරිසරික වශයෙන් හානිදායක වන ව්‍යාපාරවල යෙදුණු හෝ යෙදෙන අයකු නොවිය යුතුයි. මහජන නියෝජිතයකු වන්නට පෙර රටට අගතිගාමී මූල්‍යමය ගිවිසුම් ඇතිකරගත් සහ මහජන නියෝජිතයකුව සිටිමින් තම දේශපාලන බලය අයුතු ලෙස භාවිත කර රජය සමග මූල්‍යමය ගිවිසුම් ඇති කරගත් හෝ ගිවිසුමක පාර්ශ්වකරුවකු නොවන්නකු විය යුතුයි. නාමයෝජනා ලබාදීමේදී කාන්තා සහ තරුණ නියෝජනය සඳහා ප්‍රමාණවත් අවස්ථා ලබාදීමට ක්‍රියා කළ යුතුයි. ආගමික නායකයන් දේශපාලන භේදයකින් තොරව සමස්ත ජනතාවගේ ගෞරවය ලැබිය යුතු බැවින් ඔවුනට දේශපාලන පක්ෂ තුළින් නාම යෝජනා ලබා නොදිය යුතුයි යන්න සලකා බලන ලෙස හෙට්ටිආරච්චි මහතා ඉල්ලා සිටී

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories