2026 ජූලි 31 සිකුරාදා, 20:12
නවතම පුවත්

තරුණයින්ට අත තියන්න එපා දිනන දකුණෙන් කියයි

ජාතික තරුණ සේවා සභාවේ ‘යොවුන් සමාජ — යූත් ක්ලබ්’ හි නිලතල සඳහා පත්වීම් සිදු කිරීමේ ක්‍රමවේදයට හා යොවුන් සමාජ දේශපාලනීකරණය කිරීමට විරුද්ධ හෙට දින (06) දින පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් සම්බන්ධෙයන් වෛරය හා ප්‍රචණ්ඩකාරී උසිගැන්වීම් සිදුවෙමින් ඇති බව ‘දිනණ දකුණ’ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනයේ වැඩිදුරටත් මෙලෙස සදහන් වේ.

ප්‍රජානත්‍රවාදීව විරෝධය දැක්වීම මුලික අයිතිවාසිකමක් වන අතර, එම අයිතිය තහවුරු කිරීම රාජ්‍යය සතු වගකීමකි. සාමකාමී විරෝධතාවයකට සැලසුම් සහගත ලෙස ‘වෛරය හා ප්‍රචණ්ඩකාරී උසිගැන්වීම් සිදු කිරීම’ දිනන දකුණ දැඩිව හෙළා දකී.

යොවුන් සමාජ පිහිටුවීමේදී විවිධ දේශපාලන මතවාදයන් නියෝජනයකරන තරුණයින් ඒවාට ක්‍රියාකාරී ලෙස සහභාගීවීම දශක හතරකට වැඩි කලක් අප සමාජය බුක්ති විදි ප්‍රජාතන්ත්‍රවාදී නායකයින් බිහි කිරීමේ ව්‍යවහාරයකි.

මෙවර ෙයාවුන් සමාජ පිහිටුවීමේ ක්‍රියාවලිය ආණ්ඩු පක්ෂෙයේ දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්වී ඇති බව පැහැදිලිව හදුණා ගත හැකිය.

දේශපාලනීකරණය යනු දේශපාලනයට සම්බන්ධ පක්ෂයක තරුණයින් නිලතල සඳහා තරඟ කිරිම පමණක් නොවේ ඔවුන් තනතුරු සඳහා මධ්‍යගත මෙහයවීමක් සහිතව පෙලගැස්වීම හා අනෙක් පුද්ගලයින්ට සංවිදානාත්මක බාධා කිරීමය.

යොවුන් සමාජ පිහිටුවීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයින්, පරාජිත අපේක්ෂකයින් රැස්වීම් සඳහා පැමිණීම හා ඔවුන්ගේ වෛරී හාකෝප ගන්වන දෙසුම් තරුණ සේවා සභා ඉතිහාසෙ අත් දකිණු ලැබූයේ පළමු වරටය. තරුණයින්ගේ කටයුතු සඳහා කිසිදු සම්බන්ධයක් නොමැති පුද්ගලයින් මැදිහත්වීම හා පළමුවරට
සංවිධානාත්මකව ෙද්ශපාලන පක්ෂයක් ෙලස මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම හේතුවෙන් වසර ගණනාවක් යෛවන සමාජ ක්‍රියාකාරීන් ෙලස සිටි තරුණයින්ට බලවත් අසාධාරණයක් සිදුව ඇත. යෞවන සමාජවල විවිධ ෙද්ශපාලන මතවාදයන් තිබූ පුද්ගලයින්ට අවස්ථාව ලැබුණි.

මෙවර රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන මැදිහත්වීම් මත නිලවරණ පැවැත්වූ ක්‍රමය ෙද්ශපාලන න්‍යාය පත්‍රයකට යට කර ඇත. පත්වීම් සිදු කළ ක්‍රමය සහ බලහත්කාරය සෑම දිස්ත්‍රික්කයකින්ම පාහේ වාර්තා විය.

එහි ප්‍රතිඑලයක් ලෙස තරුණයින් අතර බෙදීමක් ඇති කිරීම, ෛවරය පැතිරවීම අනිවාර්ය ප්‍රතිඑලයක් බවට පත්ව
ඇත. ෙම් සම්බන්ධෙයන් තරුණ කණ්ඩායම් අගෝස්තු 6 දින පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාවයකට එරෙහිවද ද, එය කඩාකප්පල් කිරීමේ අරමුණින්ම ප්‍රචාරක ව්‍යාපාරයක් සිදු ෙවමින් ඇත.

දේශපාලනිකව හා තරුණ ක්‍රියාකාරීන් සඳහා බාධා කිරීමේ අමිහිරි ඇත්දැකීම් දශක පහකට වැඩි කලක් අප රට විද ඇත. උතුරේද, දකුණේ ද කැරළි බවට පත්වූ අදහස් ප්‍රකාශ කිරීෙම් නිදහස, විරෝධතා දැක්වීම සඳහා වන අයිතිය අහිමි කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතයයි.

නිදහස් පුරවැසියන්ට විරෝධතා පැවැත්වීමට ඇති අයිතියට ගරු කර කටයුතු කරන ලෙස රජෙයනුත්, ආරක්ෂක අංශ වෙතිනුත් ‘දිනන දකුණ’ ඉල්ලා සිටී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories